ශ්‍රී ලංකාවේ පැරණිතම සමූහ ව්‍යාපාරයක් වන Delmege සමූහ ව්‍යාපාරයට, මේ අවුරුද්දෙ වසර 175 ක් සපිරෙනවා.
වර්ෂ 1850 සිට මේ දක්වා, සිය නිෂ්පාදනවල ගුණාත්මකභාවය එක සේ පවත්වාගෙන යාමට සමත් වූ වෙළද සන්නාමයක් ලෙස Delmege හැඳින්විය හැකියි.
1850 වසරේදී ඇලෙක්සැන්ඩර් රීඩ් විසින් ආරම්භ කළ මෙම ව්‍යාපාරයට ඩෙල්මේජ් සහෝදරයින් එක්වන්නේ 1865 වසරේදීයි.
එතැන් සිට මෙම සමූහ ව්‍යාපාරය පාරිභෝගික භාණ්ඩ, සෞඛ්‍ය සේවා, එදිනෙදා ජීවන රටාවට අවශ්‍ය නිෂ්පාදන, විදුලි භාණ්ඩ, ජල නල සහ උපාංග, නැව්ගත කිරීම්, සංචාරක සහ රක්ෂණ වැනි සේවාවන් ඇතුළු විවිධ අංශ ඔස්සේ විවිධාංගීකරණය වී තිබෙනවා.
අනුබද්ධිත සමාගම් 55 කින් සමන්විත Vallibel one PLC විසින් ඩෙල්මේජ් සමූහයේ හිමිකාරීත්වය ලබාගත්තේ 2011 වසරේදීයි.
ඩෙල්මේජ් සමූහය මේ වනවිට ආනයන අපනයන, ගුවන්සේවා, සංචාරක, විදුලි, ජලනල උපාංග, සහ රක්ෂණ ඇතුළු විවිධ ක්ෂේත්රවල ඉහළම තලයේ වැජඹෙන සමාගමක් ලෙස හැඳින්විය හැකියි.
ඩෙල්මේජ් සෝයාමීට්, ටින්මාළු, නූඩ්ල්ස්, පාස්තා, තේ කොළ, ලුණු සහ මෝතා ජෙලි ඇතුලු ප්රමුඛ පෙලේ නිෂ්පාදන රැසක්, සියවස් එක හමාරකට අධික කාලයක් ශ්‍රී ලාංකිකයින්ගේ විශ්වාසය දිනාගෙන තිබෙනවා.
මනා කළමණාකාරීත්වයකින් යුතුව ඩෙල්මේජ් ව්‍යාපාරය මේ වනවිට සිය ආධිපත්‍ය පතුරුවා ඇත්තේ,
යන ක්ෂේත්රවලයි.
ශ්‍රී ලංකාවෙන් ඔබ්බට, විශේෂයෙන්ම කටාර් එයාර්වේස් වැනි ගුවන් සේවා සහ සංචාරක සේවා සමග ද ඩෙල්මේජ් සමූහ ව්‍යාපාරය සිය හවුල්කාරීත්වය පුළුල් කර තිබෙනවා.
තවත් වසර ගණනාවක් ශ්‍රී ලාංකේය අනන්‍යතාවය සමග ගුණාත්මක නිෂ්පාදනවලින් ඉදිරියට යාමට Delmege සමූහ ව්‍යාපාරයට සුබ පැතුම්!