
2025 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධන වේගය සියයට 5ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවන්ට අනුව, පසුගිය වසරේ ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර තුනම වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
එහිදී කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර ඇත්තේ කර්මාන්ත අංශයයි.
මේ අනුව කර්මාන්ත අංශය: 7.8% ක ඉහළ වර්ධනයක්, සේවා අංශය: 3.3% ක වර්ධනයක් හා කෘෂිකර්ම අංශය 1.4% ක වර්ධනයක් බව සඳහන්.
මේ අනුව 2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී මෙරට ආර්ථිකය සැලකිය යුතු මට්ටමක ස්ථාවරත්වයක් සහ වර්ධනයක් අත්කරගෙන ඇති බව එම වාර්තා පෙන්වා දෙනවා.