
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ නව සභාපති ලෙස සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පත්කර තිබේ.
ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව, එහි කටයුතු මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබේ.
ඒ අනුව නිලවරණයකින් නිලධාරී මණ්ඩලයක් පත්කරන තෙක්, ක්‍රිකට් ආයතනයේ සියලු තීන්දු තීරණ මින් ඉදිරියට ඉරාන් වික්‍රමරත්න ප්රමුඛ පරිවර්තන කමිටුව විසින් සිදුකරනු ඇත.
කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, තුෂිර රදැල්ල, සිදත් වෙත්තමුණි, අවන්ති කොළඹගේ ,ප්‍රකාශ් ෂාෆ්ටර් උපුල් කුමාරප්පෙරුම සහ දිනාල් පිලිප්ස් යන අයයි.