
වසර 130 ක් පැරණිතම සහ ලෝකයේ ප්‍රධානතම ( Major Marathon ) තරගයක් වන බොස්ටන් මැරතන් තරගය අප්‍රේල් 20 වන දින ඇමරිකාවේ Massachusetts ප්‍රාන්තයේ බොස්ටන් නගරයේදී පැවති අතර එහි දී ශ්‍රී ලංකාවේ ගාමිණී සුගතදාස වයස අවුරුදු 55 - 59 කාණ්ඩයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
එම වයස් කාණ්ඩය සදහා ශ්‍රි ලංකාවේ ක්‍රීඩකයෙකු ගතකල වේගවත්ම කාලය ලෙස පැය 2: විනාඩි 36: තත්ත්පර 32 ලෙස ශ්‍රී ලංකා වාර්තා පොත් අතරට එකතු විය.
(සමීර මදුසංක හේවා ගමගේ)