
තරග පාවාදීමේ චෝදනා මත ක්රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ ශ්රී ලංකා පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබු ලංකා ප්රිමියර් ලීග් (LPL) තරගාවලියේ Jaffna Kings කණ්ඩායමේ හිමිකරු ඇතුලු සැකකරුවන් දෙදෙනා ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම අද (17) අද නියෝග කළා.
එසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ Jaffna Kings කණ්ඩායමේ හිමිකරු වන මංජොට් කල්රා සහ එම සිද්ධියට අධාර අනුබල ලබා දුන් බව කියන යුවරාජ් පුෂ්පා නමැති ඉන්දියන් ජාතිකයින් දෙදෙනකි.
සිද්ධියට අදාල සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් ක්රීඩා වැරදි විමර්ශන ඒකකය විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.