
සිය බිරිඳගේ උපාධි ප්රධානෝත්සවයකට සහභාගී වීම සදහා රුපියල් ලක්ෂ 169 ක
මහජන මුදල් ප්රමාණයක් අවභාවිතා කළ බව කියන චෝදනාව මත අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව, 2025 වසරේ අගෝස්තු 22 වන දා හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ
මහතා අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත්
කළ අවස්ථාවේ පැවැති උද්ඝෝෂනයකට සහභාගී වෙමින් රාජකාරියේ නියුතු පොලිස්
නිලධාරියකුට පහරදුන් බව කියන හිටපු දෙහිවල ගල්කිස්ස නගර සභාවේ මන්ත්රිවරයා
පෙර ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම අද
(19) නියෝග කළා.
එමෙන්ම මෙම සිද්ධියට අදාලව සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන කොටුව
අධිකරණය භාරයේ ඇති නඩු භාණ්ඩ විධිමත් ලෙස මෙම අධිකරණයට ඉදිරිපත් කරන
ලෙස මහේස්ත්රාත්වරයා පොලිසියිට නියම කළා.
කොටුව මහේස්ත්රාත් අධිකරණයට කරුණු දක්වන ලද නඩුව ප්රධාන මහේස්ත්රාත් අධිකරනයට
යොමු කිරිමනේ අනතුරුව අද පළමු වරට කැඳවනු ලැබුවා.
එහිදි ඇප මත මුදා හරින ලද සැකකරු වන දෙහිවල ගලිකිස්ස නගර සභාවේ හිටපු
මන්ත්රිවරයෙක් වන ධනුක සීවලී හෙට්ටිගේ යන අය මෙලෙස පෙර ඇප වන රුපියල් ලක්ෂයක
ඇප මත මුදා හැරිනූ ලැබුවා.
නඩු ගොනුවට අදාල වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම පුද්ගලයා විසින් රාජකාරියේ
නියුතු පොලිස් නිලධාරියෙකුට රාජකාරියට බාධා කර ඇති බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන්
සිදු කළ විමර්ශනය අවසන් බවත් කියා සිටියා.