
කොළඹ වරාය ආසන්නයේ ඉන්ධන බෝයාවක සිදුවූ කාන්දුවක් හේතුවෙන් ඇතිවූ ඉන්ධන විසිරීම නාවික හමුදාව හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව පාලනය කොට තිබෙනවා. කොළඹ වරාය ආසන්නයේ ඉන්ධන බෝයාවක අද උදෑසන (14) සිදුවූ හදිසි කාන්දුවක් හේතුවෙන්, කොළඹට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ ඇතිවූ ඉන්ධන විසිරීම, නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමඟ එක්ව සිදුකල මෙහෙයුමක් මඟින්, සාර්ථකව පාලනය කිරීමට හැකිවූ බව ශ්‍රි නාවික හමුදාව පවසනවා. වරාය අධිකාරිය සිදුකල දැනුම්දීමකට අනුව නාවික හමුදාව ක්ෂණිකව ප්‍රථිචාර දක්වමින්, නාවික හමුදා වේගප්‍රහාරක යාත්‍රා 03ක් ඉන්ධන විසිරීම පාලනය සඳහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සමාරක්ෂා නෞකාව සමඟ යෙදවූ අතර, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාවේද සහය මෙම ඉන්ධන විසිරීම පාලනය කිරීමට ලබාදී තිබුනා.