
වෙදගෙදර නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම (Wedagedara Producers (Pvt) Ltd), විසින් භාවිතා කරනු ලබන 'Garsy-Herbal Candy' / 'Garsy-Herbal Candy' යන වෙළෙඳ නාමය නීති විරෝධී ලෙස අනුකරණය කරමින් සහ වෙදගෙදර නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම විසින් 'Garsy-Herbal Candy' / 'Garsy-Herbal Candy' යන වෙළෙඳ නාමයට ශබ්ධමය වශයෙන් හෝ දෘෂ්‍යමය වශයෙන් සමානකමක් ඇති වෙළෙඳ නාමයක් භාවිතා කිරීම, එකී වෙළෙඳ නාමයට සමාන නමක් යොදා ගනිමින් ආයුර්වේද නිෂ්පාදනයක් සිදු කිරීම සහ බරඅඩු කරගැනීම සඳහා ඹෟෂධයක් නිෂ්පාදනය කිරීම හෝ වෙනත් නිෂ්පාදනයක් කිරීම මෙන්ම වෙදගෙදර නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම විසින් ස්වකීය 'Garsy-Herbal Candy' / 'Garsy-Herbal Candy' යන වෙළෙඳ නාමය යටතේ සිදු කරනු ලබන නිෂ්පාදන, ප්‍රචාරය සහ ප්‍රවර්ධනය කිරීම සඳහා එකී සමාගම විසින් යොදා ගනු ලබන වෙළෙඳ දැන්වීම් අනුකරණය කිරීම, වෙළෙඳ නාම හෝ වෙළඳ ලකුණු අනුකරණය කිරීම සහ ඊට ආනුෂාංගික තවත් කටයුතු සිදු කිරීම වළක්වාලමින් ප්‍රසිද්ධ ආයුර්වේද සමාගමකට එරෙහිව වර්ෂ 2026 පෙබරවාරි මස 12 වන දින කොළඹදී පැවැත්වෙන ගරු වාණිජ මහාධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.
වෙදගෙදර නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම (Wedagedara Producers (Pvt) Ltd) පැමිණිලිකරු ලෙස ඉහත කී විත්තිකාර ආයුර්වේද පුද්ගලික සමාගමට එරෙහිව පවරන ලද අංක. CHC 08/2026 IP දරණ නඩුවේ කරුණු වර්ෂ 2026 පෙබරවාරි මස 12 වන දින කොළඹ ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ තහවරු කරන ලද අතර එදින එකී අධිකරණය විසින් විත්තිකාර සමාගමට එරෙහිව ඉහත කී වාරණ නියෝගය නිකුත් කරන ලදි.
පැමිණිලිකාර සමාගම වෙනුවෙන් ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර මහතා ප්රමුඛ නීතීඥ මඩුල්ලක් විසින් ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ කරුණු තහවරු කරන ලදි.