
ප්‍රබල සංවිධානත්මක අපරාධ කල්ලි නායකයෙකු බව කියන ගනේමුල්ල සංජීව නමැත්තා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ලව අත්අඩංගුවට පත්ව සිටින ඉෂාරා සෙව්වන්දිගේ උපන්දිනය සැමරීමට ගත් සූදානමක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.
එම වාර්තාවන්ට අනුව ඊයේ දිනයේදී ඉෂාරා සෙව්වන්දි වෙනුවෙන් උපන්දින සැමරුමක්, කොළඹ අපරාධ කොට්ඨාසය තුළ සුදානම් කර තිබේ.
එලෙස සුදානම් කළ උපන්දින සාදය පස්වරු 1.30ට ආසන්න වේලාවකදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව සඳහන්.
ඒ සඳහා සෙව්වන්දිගේ සහෝදරයා විසින් කේක් රැගෙන විත් ඇති අතර මෙලෙස සාදයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති සෘජුව ම සම්බන්ධ බවට චෝදනා එල්ලව තිබේ.
කෙසේ නමුත් උපන්දින සාදය පිළිබඳව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාට අනාවරණව ඇති අතර ඔහුගේ මැදිහත් වීමෙන් එය නතර කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් අද දිනයේ පොලිස්පතිවරයා වෙත ලබා දීමට නියමිත බවත් සඳහන්.
බොහෝ දුරට ඉන් අනතුරුව අදාළ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනු ඇති.
ස්ථානාධිපතිවරයා, අධ්‍යක්ෂකවරයා දෙදෙනාම සෘජුවම මීට සම්බන්ධ බවටයි තොරතුරු හෙළි වන්නෙ.