
තම රට කවරදාටත් වඩා ශක්තිමත් වෙමින් පවතින බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.
ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ ඉහළ පෙළේ න්‍යෂ්ටික විද්‍යාඥයන් මිය ගිය බවත්, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට (IRGC) සහ බසීජ් (Basij) හමුදාවන්ට දැඩි හානි සිදු වූ බවයි ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව පළමු වරට මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ.
ඉරානයේ අලුතින් තේරී පත් වූ උත්තරීතර නායක අයතුල්ලා මොජ්තාබා කමේනි සහ හිස්බුල්ලා නායක නයිම් කාසිම් පිළිබඳව විමසූ විට, නෙතන්යාහු පැවසුවේ එම පුද්ගලයන් දෙදෙනාගේ ජීවිත සම්බන්ධයෙන් තමාට කිසිදු සහතිකයක් ලබාදිය නොහැකි බවයි.
මොජ්තාබා කමේනි යනු විප්ලවීය ආරක්ෂක බලකායේ රූකඩයක් බවත්, උත්තරීතර නායකයාට ප්‍රසිද්ධියේ පෙනී සිටීමට නොහැකි වී ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.