මේ වන විට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) එහි සැලසුම් කළ ධාරිතාව ඉක්මවා ක්‍රියාත්මක වේ. එහිදී ඉදිරි ශීත සෘතුව සඳහා සතියකට, ආසන්න වශයෙන් වැඩිපුර ගුවන් වාර සඳහා නව ඉල්ලීම් 40ක් පමණ ලැබී ඇතත් ඉන් බොහොමයක් සීමිත ඉඩ ප්‍රමාණය හේතුවෙන් දැනටමත් ප්‍රතික්ෂේප කර ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි.
2025 ඔක්තෝබර් 2 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරණායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවති 2025 ජාත්‍යන්තර සංචාරක නායකයින්ගේ සමුළුවේදී (International Tourism Leaders Summit 2025) අදහස් දක්වමින්, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ සැලසුම්ගත (scheduled) ගුවන් මෙහෙයුම් සහ charter ගුවන් ගමන් වෙනුවෙන් මෙම ඉල්ලීම් ලැබී ඇති බවයි. ඉන් ගුවන් සමාගම් කිහිපයක් පමණක් මත්තල ගුවන්තොටුපළ විකල්ප ගුවන්තොටුපළ ලෙස තෝරාගෙන තිබුණත් බොහෝ ගුවන් සමාගම් අවස්ථාව නොමැතිවීම හේතුවෙන් ඒම අදහස අත්හැර දමා තිබේ.
අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ බණ්ඩාරනායක ගුවන්තොටුපළ (BIA) මුලින් සැලසුම් කර තිබුණේ වසරකට මගීන් මිලියන 6 ක් හැසිරවීමට වන නමුත් මේ වන විට වාර්ෂිකව මිලියන 10 කට ආසන්න මඟී ප්‍රමාණයකට පහසුකම් සලසමින් සිටින බවයි.
දිගු කලක් ප්‍රමාද වී ඇති ගුවන්තොටුපළ පුළුල් කිරීමේ කටයුතු වේගවත් අත්‍යවශ්‍ය සාධයක්ව තිබෙනවා. දශක හයක පමණ කාලයක් ගුවන්යානා මෙහෙයුම් කටයුතු වලට පහසුකම් සපයන කටුනායක ගුවන්තොටුපළට, මේ වන විට ගුවන් ධාවන පථ (Runways) දෙකක් තිබිය යුතු යැයි මම පෞද්ගලිකව විශ්වාස කරනවා අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම යටිතල පහසුකම් සහ ධාරිතාවය සම්බන්ධ අභියෝගවලට මුහුණ දීම ප්‍රමුඛතාවයක් බව මහාචාර්ය රණසිංහ මහතා අවධාරණය කළ අතර ගුවන්තොටුපළ කටයුතු සීමාවීම හේතුවෙන් සංචාරක පැමිණීමේ ඉලක්ක සපුරා ගැනීමේදී සංචාරක අංශය ද සෘජු අභියෝගවලට මුහුණ දෙන බව ද පැවසීය.
මේ වන විට 2025 වසරේ මුල් මාස 9 තුළ සංචාරක පැමිණීම් මිලියන 1.7 ඉක්මවා ඇත.