
බුද්ධි තොරතුරු මත දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික උත්සවයේ එළඹෙන් 28 වන දිනට නියමිත පෙරහරේ කාවඩි නර්තනයන් ඉවත් කිරීමට පොලීසිය විසින් නිර්දේශ කර තිබෙනවා. මාතර දෙවිනුවර විෂ්ණු දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍ය මේ දිනවල පැවැත්වෙවා. ලබන 28 වන දින පැවැත්වීමට නියමිත කාවඩි පෙරහරේ කාවඩි නර්තනයන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් නිර්මානයවි තිබෙනවා. මේ සම්බන්ධයෙන් ලැබි ඇති බුද්ධි තොරතුරු සැළකිල්ලට ගෙන ගැටුම ඇති වීම වැලැක්වීමේ පියවරක් ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සිදුකර ඇති අදාළ නිර්දේශය මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා විසින් උත්පලවන්නා ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායකවරයා වෙත කාවඩි නර්තන පෙරහර නතර කරන ලෙසට උපදෙස් දි තිබෙනවා. මේ පිලිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිතිඥ සහාකාර පොලිස් අධිකාරි F. U. වුට්ලර් කියා සිටියේ ලැබි ඇති බුද්ධි තොරතුරු වාර්තා සැළකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි. විශේෂයෙන් ජනතාව අතර බියක් හෝ ආතතියක් හට ගැනීම වැලැක්වීම මෙන්ම මෙම පෙරහර මංගල්‍ය නැරඹිමට විදේස් සංචාරකයින් පැමිණෙන බැවින් ගැටුමක් ඇතිවිමෙන් ජාත්‍යන්තරව අපකීර්තියක් ඇතිවීම වැලැක්වීම මුල් කරගෙන මෙම පුර්ව ක්‍රියා මාර්ගය ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිතිඥ සහාකාර පොලිස් අධිකාරි F. U. වුට්ලර් වැඩිදුරටත් සඳහන් කළා.