
කලම්බෝ කැප්ස් (Colombo Kaps) කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්ට ඇතිවූ තොඩ පිටුපස පේශි ආබාධයක් (hamstring injury) හේතුවෙන් 2026 ලංකා ප්රීමියර් ලීග් (LPL) තරගාවලියේ ඉතිරි තරග සඳහා ක්රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.
ඉරිදා දිනයේ පැවැති මහනුවර රෝයල්ස් (Kandy Royals) කණ්ඩායමට එරෙහි තරගය අතරතුරදී කුසල් මෙම ආබාධයට ලක්වූ අතර, ඉන්පසු පිටියෙන් ඉවත් වීමට (retire hurt) ඔහුට සිදුවිය.
මෙම කඩලු රකින පිතිකරුට තරගාවලියේ ඉතිරි කොටස අහිමි වීම, ලීග් අදියරේ ඉදිරි තරග සඳහා සූදානම් වන කලම්බෝ කණ්ඩායමේ ඉදිරි ගමනට එල්ල වූ ප්රබල පහරකි.
නව මුහුණුවරකින් තරග බිමට පිවිසි කලම්බෝ කැප්ස් කණ්ඩායම ආරම්භක තරගවලදී මෙහෙයවනු ලැබුවේ කුසල් මෙන්ඩිස් විසින් වන අතර, නායකයෙකු ලෙස මෙන්ම පිතිකරුවෙකු ලෙසද ඔහු කණ්ඩායමට ප්රධාන භූමිකාවක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරිණි.