
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නඩුවකට පෙනී නොසිටීම
හේතුවෙන් නිකුත් කල වරෙන්තුවක් නැවත කැඳවීමට කල ඉල්ලිම
මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක මහතා
ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
මාතර එළියකන්ද පාර, බ්‍රවුන්ස්හිල් ලිපිනයේ පිහිටි අක්කර එකහමාරක
ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ
මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මාතර
මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවකට ඒ මහතා පසුගිය
මැයි (22) දින පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත්
කිරීම සිදුකෙරුණා.
එදින බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ
අනිල් ද සිල්වා මහතා බැසිල් රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයෙන්
විදෙස්ගතව ප්‍රතිකාර ලබන බැවින් ඔහු අද දිනයේදී අධිකරණය හමුවේ
පෙනී නොසිටින බව වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් දන්වා සිටියා.
ඒ සම්බන්ධයෙන් මෝසමක් ගොනු කරමින් නීතිඥවරුන් ඉල්ලා ඇත්තේ
සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන වරෙන්තු නැවත
කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.
දිගින් දිගටම බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය මග හරිමින් සිටින බවත්
සැකකරු අධිකරණයට ඉදිරිපත් නොවී ඒ ආකාරයට වරෙන්තුන නැවත
කැඳවීමට නොහැකි බවත් සඳහන් කළා.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්තාත් චතුරංග
එරංග දිසානායක මහතා බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව නිකුත් කල
වරෙන්තුව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරිමට නියෝග කරනු ලැබුවා.