
ඉරනවිල ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී අයිස් හා හෙරොටින් මත්ද්‍රව්‍ය
සමග සැකකරුවෙක් ධ්‍යම අපරාධ විමර්ශ කාර්යංශය මගින් අත්අඩංගුවට
ගෙන තිබෙනවා.
ඊයේ (ජූනි19) මධ්‍යම අපරාධ විමර්ශ කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක්
විසින් මීටියාගොඩ පොලිස් වසමේ ඉරනවිල ප්‍රදේශයේදී වැටලීම සිදුකළා.
එම වැටලීමේදී 32 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගත් අතර එහිදි ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයගනු ලැබුවා. අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 118 ක් සහ හෙරොයින් ග්‍රෑම් 750ක් පොලිස් භාරයට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශ කාර්යංශය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.