
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව වන රාණි ද සිල්වා අද (14) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඇය මිය යන විට වයස අවුරුදු 94 වියේ පසු වුණා.
අරවින්ද ද සිල්වාගේ ක්‍රිකට් දිවියේ සාර්ථකත්වය පිටුපස සිටි ප්‍රධානතම ශක්තියක් ලෙස සැලකෙන ඇය, ඔහු කුඩා වියේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉහළට පැමිණෙන තෙක් නොමඳ සහයෝගයක් ලබාදී තිබුණා.
එමෙන්ම, අරවින්ද ද සිල්වා ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ටතම පිතිකරුවෙකු ලෙස සැලකෙන අතර, 1996 ලෝක කුසලාන ජයග්රහණයේදී ඔහු සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර තිබෙනවා.
අවසන් කටයුතු සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයින් විසින් ඉදිරියේදී දැනුම්දීමට නියමිත බවයි වාර්තා වන්නේ.