
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ හිටපු අධ්යක්ෂිකා ජානකී සිරිවර්ධන ලබන 6 දක්වා යළිත් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම අද(23) නියෝග කළා.
නඩුව කැඳවු අවස්ථාවේදි සිව්වැනි සැකකරු වන නාමල් රාජපක්ෂ
විසින් ගොනු කර තිබු ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය
මහේස්ත්රාත්වරයා විසින් අධිකරණයේදි කියවා දෙනු ලැබුවා.
එම ඇප ඉල්ලීම මහේස්ත්රාත්වරයා විසින් ප්රතික්ෂේ කළා.