
තායිලන්තයේ බැංකොක්හි සිට තෑගි භාණ්ඩ පාර්සලයක් ලෙස
මෙරටට එවා තිබු භාණ්ඩ පාර්සලයේ තිබි මත්ද්‍රව්‍ය තොගයක්
ශ්‍රි ලංකා රේගුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය ජුලි 24 වනදා තායිලන්තයේ බැංකොක්හි සිට ශ්‍රීලංකන්
ගුවන් සේවයට අයත් UL405 ගුවන් යානයෙන් මෙරටට එවා තිබූ
ගුවන් භාණ්ඩ පාර්සලයක් ඊයේ (ජූලි 31) TRICO UPB ගබඩාවේදී
බලයලත් නියෝජිතයකු ඉදිරියේ පරීක්ෂාවට ලක් කර ඇත.
එහිදි එම භාණ්ඩ පාර්සලයන් තුළ සඟවා තිබු විශාල මත්ද්‍රව්‍ය තොගයක්
සොයා ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
මත්ද්‍රව්‍ය ලෙස සැක කෙරෙන මෙම ද්‍රව්‍ය තොගය ලෝහ බහාලුම්
(Metal Containers) තුළ පොලිතින් ඇසුරුම්වල
සූක්ෂම ලෙස සඟවා තිබූ බව සඳහන්.
අවසන් භාණ්ඩ ලේඛනගත කිරීමේදී (Final Inventory) එම තොගයේ
මුළු බර ඇසුරුම් සමඟ කිලෝග්‍රෑම් 10.608 ක් බව අනාවරණය වී ඇත.
එය ගංජා (Cannabis), හෂීෂ් (Hashish) සහ හෂීෂ් තෙල් (Hashish Oil)
කාණ්ඩයට අයත් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන අතර, එහි ඇස්තමේන්තුගත
වටිනාකම රුපියල් 106,080,000 (රුපියල් මිලියන 106.08) ක් පමණ වන
බව පැවසෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන
සිදුකරනු ලබනවා.