
ඩයමන්ඩ් ලීග් කිරුළ වෙනුවන් හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංග ශ්‍රී ලංකා වේලාවෙන් අද (05) මධ්‍යම රාත්‍රියේ තරග බිමට පිවිසීමට නියමිතව තිබෙනවා.
එය තවත් එක් මලල ක්‍රීඩා තරගයක් පමණක් නොවන අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයට නව පරිච්චේදයක් එක් කරන අවස්ථාවක් වනු ඇති.
මෙම තරගයට රුමේෂ් සමගින් සටනට එන ප්‍රධාන තරගකරුවන් මීට පෙර රුමේෂ් හමුවේ පරාජයවී තිබීමත් විශේෂත්වයක්.
අදියර 15කින් සමන්විත ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියර ඊයේ රාත්‍රියේ බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරදී ආරම්භ වුණා.
මෙවර ඩයමන්ඩ් ලීග් අවසන් තරග සඳහා ක්‍රීඩකයින් තෝරාගෙන තිබුණේ තරගාවලියේ නිමාවූ අදියර 15 තුළ ඔවුන් රැස්කරගත් ප්‍රසාද ලකුණු මතයි.
ඒ අනුව හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් හිමිකරගනිමින් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයට තවත් සුවිශේෂී සටහනක් එක්කරමින්.
ලක්මවගේ බලාපොරොත්තු සියල්ල කර මතට ගත් රුමේෂ් අද මධ්‍යම රාත්‍රී 12.10ට තරග බිමට පිවිසීමට නියමිතයි.
මෙවර අවසන් තරගයට රුමේෂ් පිවිසෙන්නේ 2026 වසරේ ලොව හොඳම දක්ෂතාව සටහන් කළ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයා ලෙසයි.