
පාඨලී චම්පික රණවක මහතා අද(14) දින ජනාධිපතිතුමන් විසින් පිහිටුවන ලද ගල් අඟුරු ආනයනය හා ප්‍රසම්පාදනය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිශන් සභාව වෙත යයි..
මෙහිදී පහත සඳහන් කරුණු පිළිබඳ සොයාබලා ඉදිරි කටයුතු සිදු කරන මෙන් කොමිසම හමුවේ පෙන්වා දෙන ලදී.
"2026.05.14 පත් කරන ලද ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව පිළිබඳව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සිදු කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශය හා එනයින් එකී ජනාධිපති කොමිෂන් සභාවේ ස්වාධීනත්වය පිළිබඳව මතුවී ඇති තත්ත්වය පිළිබඳව අදාළ කොමිසම විසින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව (111/C ) ගන්නා ක්‍රියාමාර්ගය පැහැදිළි කළ යුතුය.
2025 - 26 ගල් අඟුරු ප්‍රසම්පාදනයේදී (අතිරේක තොග ලබාදීම -Potencia, දිගුකාලීන සැපයීම - Trident Chemphar, කෙටිකාලීන සැපයුම Taranjot Resources) සමාගම් තෝරා ගැනීමේ නිත්‍යානුකූලභාවය සොයා බැලීම, තවත් සමාගම් කවර ප්‍රමාණවලින් ගල් අඟුරු නොසැපයූවේද යන වග, ගල් අඟුරු ප්‍රමිතියකින් යුතු නොවන බව දැන දැනත් අදාල ගිවිසුම් අවලංගු නොකිරීම පිළිබඳව, බලාගාරයට ලැබිය යුතු ශක්තිය නොලැබීම නිසා උක්ත කාලය තුළ සිදුවූ (2025 දෙසැම්බර් - 2026 දෙසැම්බර්) බලශක්ති හානිය හෝ ප්‍රතිජනනය, ශක්ති හානිය පියවීමට ද්‍රව ඉන්ධන භාවිතා කිරීම නිසා සිදුවූ මූල්‍ය පාඩුව, (ඉන්ධන වල සඟවන ලද බදු මුදල් හා වෙළඳ වටිනාකමට සාපේක්ෂව) බලාගාරයේ යන්ත්‍ර වලට සිදුවූ හානිය, පරිසරයට සිදුවූ හානිය, නිසි කලට (අප්‍රේල් 20 - 2026) අවශ්‍ය ගල් අඟුරු තොග නොසැපයීම නිසා ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතභාවයට සිදුවූ බලපෑම හා එනයින් පැන නගින අතිරික්ත බලපෑම සොයා බලා පරීක්ෂණ කරන මෙන් ඉල්ලමු.
2026 - ජනවාරි - මාර්තු හා අප්‍රේල් - සැප්තැම්බර් විදුලි ගාස්තු සංශෝධනයට ගල්අඟුරු ප්‍රමිතිය බාලවීම නිසා සිදුවූ ශක්ති හානිය හා එනයින් සිදුවූ මූල්‍ය හානිය ඇතුළත්ව නොතිබීමෙන් ඒවා අය කරගත්තේ කෙසේද යන්න විමර්ශනය කිරීම.
2009 - ප්‍රථම ගල් අඟුරු ප්‍රසම්පාදනයේදී සිදු වූ ගණනය කිරීමේදී වැරදි (ආලාපාළු ආර්ථිකය) පිළිබඳව සොයා බලා වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක කිරීම
2012 - බලශක්ති අමාත්‍යාංශයට නොදන්වා ගෙන්වන ලද ගල්අඟුරු වල නීත්‍යානුකූලභාවය හා එනයින් ඇතිවූ මූල්‍ය පාඩුව පිළිබඳව වගකිවයුත්තන් හඳුනා ගැනීම හා නීතිය ක්‍රියාත්මකක කිරීම.
2015 /16 ගල්අඟුරු ප්‍රසම්පාදනයේ සැපයුම්කරු තෝරාගැනීමේ නීත්‍යානුකූලභාවය, එනයින් ඇති ඇති වූ මූල්‍ය පාඩුවක් වෙත්නම් එය ගණනය කිරීම හා එයට වගකිවයුත්තන් හඳුනා ගැනීම.
පහත සඳහන් විමර්ශනයන්ගේ ප්‍රගතිය හා ඒවායේ වාර්තා නිකුත් නොවීම/ නිරීක්ෂණ හා යෝජනා ක්‍රියාත්මක නොවීම පිළිබඳව සොයා බලන මෙන් ඉල්ලමු.
2011 - 16 ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳව වූ විගණකාධිපතිගේ පුර්ණ වාර්තාව
2005 - 16 කාලයේ රාජ්‍ය අංශයේ සිදුවූ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ විදුලිබල ක්ෂේත්රයට අදාළ විමර්ශනය.
2015 ගල්අඟුරු ප්‍රසම්පාදනය ගැන අල්ලස් කොමිසම සිදු කළ විමර්ශනයේ ප්‍රගතිය
2012 ගල්අඟුරු ගෙන්වීම ගැන පොලිසිය කළ විමර්ශනයේ ප්‍රගතිය.
2016 - 24 ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු වාර්තා හාඒවායේ නිගමන.
ලංවිම දිගුකාලීන ජනන සැලැස්මට ස්ථාවර බල සැපයුමක් (Firm Energy) ගල්අඟුරු බලාගාරයෙන් යෝජනා වුවද එය ක්‍රියාත්මක නොවීමට බාහිර දේශපාලන බලවේගවල මැදිහත්වීම සොයා බැලීම.
ස්ථාවර බලසැපයුමකට ගල් අඟුරු බලාගාරයක් නොමැතිවීම නිසා 1991-2011 කාලය තුළ අඛණ්ඩව විදුලි සැපයුමක් නොමැති වීම, ඉන්ධන විදුලිබලය සැපයීම් විකල්පයක් වීම නිසාවෙන් ලංවිමට සිදුවූ මූල්‍ය පාඩුව හා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු වූ පාරිසරික හානිය ගණනය කිරීම.
සොයා බලා නිගමන ඉදිරිපත් කරන මෙන් ඉල්ලමු. තවද ඒ සඳහා ඕනෑම අවස්ථාවක අපගේ සහයෝගය ලබා දෙන බවද ප්‍රකාශ කර සිටිමු."