
සතිය මැදදි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක හා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට දුරකථන ඇමතුමක් ලබාදි තිබෙනවා.
එය සජිත් ප්‍රේමදාස මහතාද බලාපොරොත්තු නොවූ අනපේක්ෂිත ඇමතුමක් වුණා.
" එජාප 80 වැනි සංවත්සර උත්සවේ මේ ඉරිදා තියෙනවා....ඒක සුවිශේෂී අවස්ථාවක්... සිරිකොතේ තියෙන රණසිංහ ප්‍රේමදාස පිළිරුවට මල් මාලාවක් දාන්න එදාට සහභාගී වෙන්න කියලා ආරාධනාවක් කරන්නයි ගත්තේ" රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.
එක්සත් ජාතික පක්ෂයේ මහ ගෙදර වන සිරිකොතට ගොස් ඔහුගේ පියාගේ පිළිරුවට මල් දමක් පැළඳවීමට සජිත් ප්‍රේමදාස මහතාට මහඟු අවස්ථාවක් වුවද ප්‍රේමදාස මහතා කලින් යොදාගත් වෙනත් කාර්යයක් තිබු බැවින් එම අවස්ථාවට සහභාගි වීමට නොහැකි බව දැනුම් දුන්නා.
" අනේ මම එදාට ඉන්නේ කොළඹින් පිට නේ" රනිල් වික්‍රමසිංහ මහතාගේ දුරකතන ආරාධනයට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස පැවසුවා.
" ආ, කමක් නෑ.... මම ආරාධනා කළේ යුතුකමක් හැටියට" යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි පැවසුවා.
ඊට පසුව මෙම දුරකථන සංවාධය 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙරෙහි යොමු වුණා.
" විසි දෙවෙනි සංශෝධනයට විරුද්ධව ආසන මට්ටමින් ජනතාව කොළඹට ගෙනවිත් අපි ලොකු උද්ඝෝෂණයක් කරන්න යනවා" සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.
එහිදි රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ ඒ වෙනුවෙන් සහයක් අවශ්‍ය නම් එය ලබා දීමට සූදානම් බවයි.