
කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ මහනුවර උප ඒකකය විසින් විමර්ශනයක් ආරම්බ කළා.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සැකකරු පැමිණිලිකාරිය සමඟ විවාහ වී සිට පසුව නීත්‍යානුකූලව වෙන්වී සිටියදී මෙම ක්‍රියාව සිදුකර ඇති බවටයි.
ඒ අනුව ඊයේ (03) ගිනිගත්හේන ප්‍රදේශයේදී අදාල සැකකරු අත්අඩංගුවට ගත් අතර, අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ මහනුවර උප ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.