පොලිස් මූලස්ථානය 2025.08.20 දිනැතිව "Attn: The Alleged Victim" ලෙස සඳහන්
Quote කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කරන ලදැයි කියන ශ්‍රී ලංකා පොලීසිය යැයි හැඟවෙන සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වෙමින් පවතින ව්‍යාජ ලිපියක් සම්බන්ධයෙන් පොලිසියේ අවදානය යොමුවී තිබෙනවා.
මෙම ව්‍යාජ ලිපියෙහි ළමා හා කන්තා අපයෝජන විමර්ශන කාර්යංශයේ පොලිස්පති කාර්යාලය, පොලිස් මූලස්ථානය යනුවෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා, අධ්යක්ෂ ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම හා අධ්යක්ෂ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ලෙස ව්‍යාජ අත්සන් සහිත නිල මුද්‍රා යොදා ඇති බව නිරීක්ෂණය වනවා.
මෙම ලිපිය ශ්‍රී ලංකා පොලිසිය මඟින් ප්‍රචාරය කරන ලද්දක් නොවන බව අවධාරණය කරන අතර, මෙය මහජනතාව නොමග යැවීමේ අරමුණින් ප්‍රචාරය කරන ලද ව්‍යාජ ලිපියක් බව පොලිසිය වැඩිදුරටත් දන්වා සිටිනවා.
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් මෙම ව්‍යාජ ලිපිය සම්බන්ධව මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මෙලෙස අසත්‍ය කරුණු ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නෛතික ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.