
"වෙසක් කියලා ආණ්ඩුවෙන් දවසක් ප්‍රකාශයට පත් කළත් වෙනදා තරම් වෙසක් සිරියක්
ඇත්තෙන්ම අපි දැක්කේ නෑ".... හිටපු මැති ඇමතිවරු කතාවට මුල පිරුවේ ඇත්තෙන්ම
වෙනදා වෙසක් සිරියෙන් ඇලලී තිබූ කොළඹ වීදි පාළුවෙන් වෙලී තිබෙන ආකාරය සියැසින්ම
දුටු නිසා........
" සිංහල අවුරුද්දකුත් තිබුනෙ නෑ නේද?... ඒ වගේම තමයි වෙසක්.... පොසොන් එකට
මොනවා වෙයිද කියලා දන්නේ නෑ" රනිල් පැවසූයේ සංවේගයෙනි....
" සර් ආණ්ඩුවට විරුද්ධව බෞද්ධ බලවේගයක් බිම් මට්ටමෙන් නිරායාසයෙන්ම පැන
නගිමින් තියෙන්නේ.... ආණ්ඩුව සිංහල බෞද්ධ නායකයන් දඩයම් කිරීම ගැන සමාජයේ
පැහැදීමක් නෑ.... මේ රටේ බෞද්ධ පුනරුදය වෙනුවෙන් ලොකු මෙහෙවරක් කළ ඔබතුමා
වගේම මහින්ද ,මෛත්‍රී වගේ නායකයන්ගෙන් පළිගන්න ආණ්ඩුව බලාගෙන ඉන්නේ...
ඒ වැඩේ වෙන්නේ ආගමට පහර ගැහීමේ ගමනේම තවත් දිගුවක් විදියට..... මෙහි සිට්
මන්ත්‍රිවරු කියා සිටියා....
පල්ලේගම හිමියන් සම්බන්ධ කාරණාවද නොයෙක් විවාදාත්මක තත්ත්වයන්ට පැමිණ
ඇති බව ආරංචි යැයිද... මෙහිදී ප්‍රකාශ වුණා.
ධර්මාධිකරණයක් පිහිටුවීම සම්බන්ධයෙන් කතාබහට ලක් කෙරුණේ මහා නායක
හිමිවරුන්ගේ ඉල්ලීම අනුව බවට පැවසුවද කාරක සංඝ සභාවල හිමිවරුන් පවසන්නේ
ඒ කාරණය කතාවට ලක් කළේ වත් නැති බව.....
විනය ප්‍රශ්න ගැන කිසිම කතාවක් නොකළ බව ඒ හිමිවරුන් පවසා ඇති බවද ආරංචියි....
" ආණ්ඩුවේ සංකල්ප පත්‍රිකාවක් අපට පිළිගන්න කියනවා" යනුවෙන් සංඝ සභාවල
නාහිමිවරුන් පවසා ඇති බවද දැනගන්නට තිබේ.....
චෝදනා පත්‍රයක්වත් ඉදිරිපත් නොකර පල්ලේගම හිමියන් තනතුරු වලින් ඉවත් කිරීම
සිදුකර ඇති බව කියන කාරනයත් මන්ත්‍රී කණ්ඩායම් හමුවේදී සාකච්ඡාවට බඳුන් වුණා.....
" සුද්දන්ගේ කාලෙත් නීති සකස් කළා....ඒත් සුද්දෝ ඒ නීති සකස් කලේ බුද්ධාගම ගැන
දැනගෙන.....දැන් වර්තමානයේ ඉන්න උදවිය මේවා කරන්න හදන්නේ බුද්ධාගම ගැන
මෙලෝ හසරක් නොදැන" රනිල් පැවසූයේ නළල රැලි ගන්වමිනි.....
" අඩු ගානේ මේ උදවිය වඳින ඉරියව්ව වත් දන්නෙ නෑනේ" සුගීෂ්වර බණ්ඩාර පැවසූයේ
ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති කෙනෙක් පන්සලක උත්සවයකට ගිහින් මෑතකදී කළ රංගනයක්
සිහිපත් කරමිනි.....
" ධර්මය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැනේ.... එහෙම තත්ත්වයක් යටතේ ධර්මාධිකරණයක්
ඇති කරන්නේ කොහොමද?... ඒ වගේම ධර්මාධිකරණයක් ඇති කළොත් එය ශ්‍රේෂ්ඨාධිකරණය
කොහොම පිළිගනීද? ....
ව්‍යවස්ථාවේ ඉඩ තියෙන්නේ සංඝාධිකරණයකට විතරයි.... ධර්මාධිකරණයක් ඇති කළොත්
ශ්‍රේෂ්ඨාධිකරණය ඊට එරෙහිව ක්‍රියා කරන්න පුළුවන්.... ඒ වගේම මේක ආණ්ඩුක්‍රම ...
ව්‍යවස්ථාවට අනුකූලද කියලා බලන්න ශ්‍රේෂ්ඨාධිකරණයට යවන්න සිද්ධ වෙනවා.... එහිදී
අනිවාර්යයෙන් තීරණය වෙනවා ධර්මාධිකරණයකට බලය නැති බව.... ව්‍යවස්ථාවෙන් බලය
තියෙන්නේ සංඝාධිකරණයක් පිහිටුවීමට පමණයි.... විජේදාස රාජපක්ෂ කෙටුම්පතක් සැකසූයේත්
සංඝාධිකරණයක් සඳහායි... රනිල් නීතිය සහ පවතින තත්ත්වය ඇසුරින් විස්තරයක් කළා.
ආණ්ඩුව මෙහෙම දෙයක් කරන්නට පෙළඹී ඇත්තේ මන්දැයි මාන්නප්පෙරුම ඇසූ ප්‍රශ්නයකට
පිළිතුරු දෙමින් රනිල් කීවේ.. ආගමික වැඩ පාලනයක් කිරීම මෙහි අරමුණ වී ඇති බවයි....
"ඒ වගේම ධර්මාධිකරණයක් ඇති කරන්න සංකල්ප පත්‍රිකාවක් හදපු නිලධාරීන් කවුද
කියලා හොයන්න ඕන... මොනවා පාලනය කළත් ධර්මය පාලනය කරන්නේ කොහොමද?
ධර්මය ගැන කියවා අතැඹුලක් සේ දැන සිටි රනිල් කීවේ සංවේගයකිනි.