
ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ (IPL) අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම සමත් වුණා.
ඒ අද (26) පැවැති තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
කාසියේ වාසිය දිනාගත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
පළමුව පන්දුවට පහර දුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියමිත ඕවර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 254ක් ලබා ගත්තා.
පන්දුවට පහර දීමේදී බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් රජත් පටිදාර් පන්දු 33කදී හයේ පහර 9ක් සහ හතරේ පහර 5ක් සමග ලකුණු 93ක් රැස් කළා.
පන්දු යැවීමේ දී කගිසෝ රබාඩා සහ ජේසන් හෝල්ඩර් කඩුලු 2 බැගින් දවා ගත්තා.
මේ අතර, ලකුණු 255ක ඉලක්කයක් හඹා ගිය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඕවර 19.3කදී ලකුණු 162කට සියල්ලන්ම දැවී ගියා.
මේ අනුව පරාජයට පත්වු කණ්ඩායම, ලකුණු සටහනේ 03 වැනි සහ 04 වැනි ස්ථානවලට පත්වු රාජස්ථාන් රෝයල්ස් සහ සන්රයිසස් හයිඩ්රාබාද් කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමඟ යළි තරග වැදීමට නියමිතයි.
එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා දෙවන කණ්ඩායම බවට පත්වනු ඇති..