
හොංකොං නුවරදී පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්රීඩා තරගාවලියෙන් ශ්රී ලංකාවට කීර්තියක් අත්කර දීමට තරුණ ක්රීඩක සදෙව් රාජකරුණා සමත්ව තිබෙනවා.
එහිදී පැවැත්වුණු පිරිමි මීටර් 200 ධාවන තරගයට සහභාගී වූ ඔහු, දක්ෂ ක්රීඩා විලාශයක් මතු කරමින් ශ්රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.
ඔහු විසින් තත්පර 21.13ක වැනි කෙටි කාලයකින් මෙම තරගය නිමාකරනු ලැබුවා.