
2026 අගෝස්තු මාසයට අදාළ ICC පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩක සොනාල් දිනූෂ නම් කර තිබෙනවා.
ඔහු මෙසේ තේරීපත් වූ පළමු අවස්ථාව මෙයයි.
ඉන්දියාව සමග පැවති ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී දිනූෂ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා බවට පත්වුණා.
එහිදී ඔහු ලකුණු 420ක් රැස් කර ඇති අතර, ඔහුගේ ලකුණු සාමාන්‍යය 140ක්.
එම ලකුණු 420 අතරට ශතක තුනක් සහ අර්ධ ශතකයක් ඇතුළත්.
තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 165කින් පරාජයට පත්වුවද, දිනූෂ පළමු ඉනිමේදී ලකුණු 100ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 84ක් රැස් කළා.
දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව තරගාවලිය 2-0ක් ලෙස පරාජයට පත්වීම වළක්වා ගැනීමේ අරමුණින් පිටියට පිවිසි අතර, එහි ඉනිම් දෙකේදීම ශතක රැස් කරමින් දිනූෂ ශ්‍රී ලංකාවට තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට විශාල දායකත්වයක් ලබාදුන්නා.
එහිදී ඔහු පළමු ඉනිමේදී ලකුණු 103ක් සහ දෙවන ඉනිමේදී නොදැවී ලකුණු 133ක් රැස් කළා.
සොනාල් දිනූෂ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත්තේ පසුගිය වසරේ බංග්ලාදේශයට එරෙහිව පැවති ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේදීයි.
ටෙස්ට් තරග තුනකට පමණක් ක්‍රීඩා කර තිබූ ඔහු, කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්ව තිබෙනවා.