
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, නව තේරීම් කමිටුව සඳහා නම් කරන ලද සාමාජිකයන් සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේගේ අනුමැතිය හිමි ව තිබෙනවා.
1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39 (1) වගන්තිය සහ 2025 මැයි 21 දිනැති අංක 2437/24 දරන විශේෂ ගැසට් නිවේදනය මඟින් පැවරී ඇති බලතල ප්‍රකාරව, මෙම නව තේරීම් කමිටු සාමාජිකයන් පත් කර ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ සාමාජිකයන් පහතින් දැක්වේ.
කපිල විජේගුණවර්ධන - සභාපති
අමල් සිල්වා - සාමාජික
බ්‍රෙන්ඩන් කුරුප්පු - සාමාජික
වරුණ වරාගොඩ - සාමාජික
වැනීසා ද සිල්වා - සාමාජිකා