
කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මගින් මනිනු ලබන මෙරට සමස්ත උද්ධමන අනුපාතය 2026 අප්‍රේල් මාසයේදී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවට අනුව, 2026 මාර්තු මාසයේදී 2.2% ක් ලෙස පැවති සමස්ත උද්ධමනය අප්‍රේල් මාසය වන විට 5.4% දක්වා ඉහළ ගොස් ඇති අතර, එය වසර දෙකකට පසු වාර්තා වූ ඉහළම අගය ලෙස දැක්වෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම මිල ගණන් ඉහළ යාමයි.
ඒ අනුව, මාර්තු මාසයේ 0.7% ක්ව පැවති ආහාර උද්ධමනය, අප්‍රේල් මාසයේදී 2.8% දක්වා ඉහළ ගොස් තිබෙන අතර, මාර්තු මාසයේ 2.9% ක් ලෙස වාර්තා වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය, අප්‍රේල් මාසය වන විට 6.8% දක්වා දෙගුණයකටත් වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙනවා.