හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නඩුව විභාගයට ගන්නා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විදුලිය විසන්ධි වී තිබෙනවා.
අධිකරණය තුළ සිට පැමිණි හිටපු අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ විදුලිය විටින් විට "යනවා එනවා" බවයි.
මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ නඩත්තු අංශයේ සේවකයන් එම අධිකරණ පරිශ්‍රයට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.