
එංගලන්තය සමග ඊයේ (15) පැවැති පළමු T-20 ක්රිකට් තරගයෙන් ශ්රී ලංකා පිලට ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්වුණා.
මෙහිදී පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත පිල සිය පන්දුවාර 20 අවසානයේදී කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 254ක් ලබා ගත්තා.
මෙහිදී හැරී බෲක් නොදැවී ලකූණු 114ක් ගා ජොස් බට්ලර් ලකුණු 80 ක් ලබා ගනිමින් ශ්රී ලංකා පන්දු යවන්නන් දැවැන්ත ප්රහාරයකට ලක් කළා.
මෙහිදී වනිඳු හසරංග, එෂාන් මාලිංග ,දුනිත් වෙල්ලාලගේ හා දුෂ්මන්ත චමීර එක් කඩුල්ල බැගින් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා පිල පන්දු පන්දුවාර 19ක් තුල ලකුණු 135කට දැවී ගියා.
මෙහිදී දුනිත් වෙල්ලාලගේ ලකුණු 33ක් හා දසුන් ශානක ලකුණු 24ක් ලබා ගත්තා.
එංගලන්ත පිල වෙනුවෙන් සනී බේකර් ලකුණු 12කට කඩුළු 3ක්, ජැමී ඕවර්ටන් ලකුණු 20කට කඩුළු 2ක් හා ලියම් ඩෝසන් ලකුණු 23කට කඩුළු 2ක් ලබා ගත්තා.
තරගයේ වීරයා ලෙස හැරී බෲක් සම්මානයට පාත්ර වුණා.