
ගොවියාට සාධාරණ මිලක් සහ පාරිභෝගිකයාට උපරිම සහනයක් ලබා දෙමින්, රටේ තොග සැපයුම්කරු ලෙස සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (ජාතික සතොස) යළි ක්‍රියාත්මක කරමින් එහි ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය නොවැම්බර් 11 වන දින මාතරදී පැවැත්වේ.
දේශීය අර්තාපල්, ලූණු, ධාන්‍ය හා අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය තොග සාධාරණ මිලට ජනතාව වෙත සමීප කරමින්, ගොවි ජනතාවට නිසි මිලක් ලබාදෙන රජයේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ මෙම සුවිශේෂී සමාරම්භයේ මාධ්‍ය ආවරණය සඳහා ඔබගේ මාධ්‍ය ආයතනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු සහභාගී කරවන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.