
පවතින ඉන්ධන තත්ත්වය හේතුවෙන් රජය සෑම බදාදා දිනකම විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති අතර එම දිනයේ ක්රියාත්මක වන දුම්රිය ධාවනය පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, ප්රධාන මාර්ග, මුහුදුබඩ මාර්ග, කැලණිවැලි මාර්ග, පුත්තලම, මඩකලපුව/ත්රිකුණාමල සහ උඩරට මාර්ගවල ධාවනය වන දුම්රියන් සහ ඒවා පිටත්වන කාල සටහන් පහත දැක්වේ.


