
නිවාඩු සහ වෙනත් කටයුතු සඳහා ඊශ්‍රායලයෙන් පිටත් වී සිටින ශ්‍රමිකයින්ගේ වීසා කාලය 2026 අප්‍රේල් මස 30 වනදා දක්වා දීර්ඝ කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.
ඒ අනුව, 2026 පෙබරවාරි 28 සිට අප්‍රේල් 21 අතර කල් ඉකුත් වූ හෝ කල් ඉකුත් වීමට නියමිත නැවත ඇතුළුවීමේ වීසා ස්වයංක්‍රීයව අප්‍රේල් 30 දක්වා දීර්ඝ කෙරෙන අතර, ඒ සඳහා වෙනම අයදුම් කිරීමක් අවශ්‍ය නොවන බවද සඳහන්.
යාවත්කාලීන වීසා වලංගුභාවය ඊශ්‍රායලයේ ජනගහන හා ආගමන අධිකාරියේ පද්ධතිය තුළ දිස්වන අතර, එම කාලසීමාව තුළ දේශසීමා හරහා නැවත ඇතුළුවීමට අවසර ලැබෙනු ඇති.