
ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලවලට සිදු වූ හානිය ප්‍රතිපූර්ණය සඳහා ඔහුට වන්දි මුදලක් පිරිනැමීමට තුර්කි ගුවන් සේවය එකඟතාවය පළ කළ බව සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු පවසනවා.
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් Turkish Airlines නියෝජිතයින් සමග සාකච්ඡාවක් ඊයේ (15) සිවිල් ගුවන් සේවා අධිකාරී පරිශ්‍රයේදී පවත්වා තිබුණා.
වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කුගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ ඇතුළු පිරිසක් මෙන්ම Turkish Airlines ආයතනයේ නියෝජිතයින්ද එයට එක්ව සිටියා.
එහිදී රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානිය සම්බන්ධයෙන් Turkish Airlines නියෝජිතයින් සිය කනගාටුව පළ කර තිබෙනවා.