
ආබාධයට ලක්ව සිටි ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් නායක කුසල් මෙන්ඩිස් සිය ශාරිරික යෝග්‍යතා පරික්ෂණයක් හෝ තරගවලට ක්‍රීඩා කිරිමෙන් තොරව එංගලන්ත සංචාරය සදහා නම් කර ඇති බව වාර්තා වනවා.
ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ එංගලන්තයට ගොස් පුහුණු තරග ක්‍රීඩා කිරීමෙන් පසු ඔහු සිය යෝග්‍යතාව පෙන්වනු ඇති බවයි.
ජාතික තේරිම් කමිටුවක ප්රතිපත්තියවන්නේ ආබාධයකට ලක්වූ ක්‍රිඩකයෙක් ශාරීරික යෝග්‍යතා පරික්ෂණ කිහිපයකට යොමුකර නිරවද්‍යතාව තහවුරු කිරිමෙන් පසු සංචිතයකට ඇතුළත් කිරීමයි.
ක්‍රිකට් ආරංචිමාර්ග පවසන්නේ සංචිතය නම් කරන විටත් කුසල් මෙන්ඩිස් ශාරිරික යෝග්‍යතා අභ්‍යාසවලට ඉදිරිපත්ව නොසිටි බවයි.
ලබන 15 වැනිදා ආරම්භ වන පලමු විස්සයි විස්ස තරගයට පෙර එංගලන්තයේ දී පුහුණු තරග 2කට ශ්‍රි ලංකා කණ්ඩායම ක්‍රීඩා කිරිමට නියමිත අතර ඉන් පසුව කුසල් මෙන්ඩ්ස්ගේ යෝග්‍යතාව පරීක්ෂා කිරිමට නියමිතව ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ.