
මුලතිව් ඔට්ටිසුඩාන් ඉතියමඩු ප්‍රදේශයේ ගොවියෙකු වන අලි ප්‍රහාරයකින්
ජීවිතක්ෂයට පත්වි තිබෙනවා.
ඊයේ (23) මොහු සිය කුඹුරට යමින් සිටියදී ඔහු ගමන් කරමින් සිටි පාපැදියට
වන අලියා හානි කර ඇති අතර, ඔහු පාපැදියෙන් බිමට වැටුණු පසු අලියා
ඔහු කිහිප සැරයක් පාගා දමා ඇති බව ප්‍රදේශවාසින් පවසනවා.
බිම වැටී සිටි ගොවියා පසුව කුඹුරු වෙත යමින් සිටි ගොවීන් පිරිසක් විසින්
මොහු මුලතිව් රෝහලට ඇතුළත් කර ඇතත්, ඔහු ඒ වන විටත් මියගොස් සිටි
බව රෝහලේ වෛද්‍යවරු තහවුරු කර ඇත.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ කුමුලමුනෙයි 7 වන පටුමගේ පදිංචි 30
හැවිරිදි ෂන්මුගරාජා සර්විතන් නැමති පුද්ගලයාය.