
World Athletics Ultimate Championship තරගාවලිය ජයග්රහණයෙන් පසු ශ්රී ලංකා මලල ක්රීඩක රුමේෂ් තරංග අද (15) උදෑසන දිවයිනට පැමිණීමේදී ඔහු සතු හෙල්ල 4ක් ගුවන් මගින් ගෙන ඒමේදී කැඩී හානි වී ඇති බවට වාර්තා වෙනවා.
තමන් මීටර් 92න් එහා දක්ෂතාවන් දැක්වූ හෙල්ලයන් මෙසේ හානි වී ඇති බවයි මේ ගැන කළ විමසීමකදී රුමේෂ් තරංග සඳහන් කළේ.
ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 20කට වැඩි බව ඔහුගේ පියා සඳහන් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේ වනවිට ගුවන් සේවා වෙත පැමිණිලි කරමින් සිටින බව වාර්තා වෙනවා.