Entertainment
‘එයා පුතාගේ සොහොනේ නිදාගත්තෙ කාලයක්. නින්ද යනකන්ම අපි බලාගෙන ඉන්නවා!!’ තෙවරප්පෙරුමට අන්තිමට තිබ්බ එකම ආසාව පාලිතගේ රියදුරු හඬමින් හෙළි කරයි [Exclusive]
![](https://www.newscenter.lk/wp-content/uploads/2024/05/new-web-PSD-2.png)
‘පාලිත තෙවරප්පෙරුම’ හිටපු අමාත්‍යවරයාගේ ‘හදිසි අභාවය’ පසුගිය දින කිහිපයේ ‘අතිශය සංවේදී’ මාතෘකාවක් වූ අතර, හිටපු අමාත්‍යවරයාට වෙන කිසිදු ‘දේශපාලඥයෙකු’ට නොලැබෙන තරමේ ‘ජනතා ආදරයක්, ගෞරවයක්’ ලැබුණු බැව් ‘සමාජ මාධ්‍ය’ තුළින් ද දැකගත හැකිවුණා.
එවන් තත්ත්වයක් තුළ ‘හිටපු අමාත්‍යවරයා’ගේ රියදුරු හා සම්මුඛ වන්නට ‘News Center’ අපට පුළුවන්කම ලැබුණා.
‘පාලිත’ හා ගෙවුණු අමතක නොවන ‘දින’ ගැනත්, ඔහුගේ සුන්දර ‘දඩබ්බරකම්’ ගැනත් පාලිතගේ රියදුරු මේ විදිහට ‘හෙළි පෙහෙළි’ කළා.
‘මට නම දාලා තියෙන්නෙ පාලිත තෙවරප්පෙරුමගේ සුපිරි ඩ්‍රැයිවර් කියලා. ඒ කියන්නෙ මම තරම් ස්පීඩ් යන වෙන කෙනෙක් නෑ. මට පාලිත අයියා ඇමතිකමක් හම්බුණ වෙලාවේ මගෙන් ඇහුවා, උඹට ලේකම්කම ද ඔිනි? ඩ්‍රැයිවර්කමද කියලා. මම කිව්වා මම ආවේ, පාලිත අයියව ආරක්ෂා කරන්න කියලා. මම මේකේ වාඩිවෙලා වාහනේ එළව්වොත් පාලිත අයියට ආරක්ෂාව තියෙයි. නැතුව මම මෙතනට වෙන කවුරු හරි දැම්මොත්, සනත් නිශාන්තගේ ඩ්‍රැයිවර් වගේ වෙනවා. මම පෙන්නන්නම්. පාර්ලිමේන්තුවේ අවුරුදු 10ක් හිටියා. අපි කෑවේ දවස් 2යි පාර්ලිමේන්තුවෙන්. මම කෑවට පාලිත අයියා කාලා නෑ. කන්න යමුද ඇහුවම කියනවා, ඔය සල්ලි අපරාදේනේ මචං කියනවා…’
‘ලොකු පුතා නැතිවුණාම එයා අවුරුදු දෙක තුනක් යනකන්ම පුතාගේ සොහොනේ තමයි නිදාගත්තෙ. එයාට නින්ද යනකන්ම අපි ඉන්නවා බලාගෙන. පාලිත අයියා එයාටම සොහොන හදද්දි මට කිව්වා, ‘එක දවසක් නිදාගෙනත් බලන්න ඔිනි’ කිව්වා. උඩටත් යකඩ ප්ලෙට් දාන්න එයාට ප්ලෑන් එකක් තිබ්බා…’
‘පාලිත අයියට ලොකු ආසාවක් තිබුණා, යුද්දෙ පටන් ගත්තනේ, යුක්රේන යුද්ධය.. එහේ හමුදාවටත් යමුද ඇහුවා මගෙන්. පාලිත අයියා ගමට උදව් කළා, රටට උදව් කළා, අන්තිමට මට හිතෙන්නෙ එයාට ලෝකෙට මොනා හරි කරන්නත් හිතෙන්න ඇති..’
Entertainment
Watch : වාසුල එක්ක තමයි අම්මා සතුටින්ම හිටියේ, හිතක් පපුවක් නැතුව බොරු චෝදනා කරන්නෙපා
Entertainment
ජනප්‍රිය ඉන්දීය නළු විජේ දේවරකොන්ඩා ශ්‍රී ලංකාවට
![](https://www.newscenter.lk/wp-content/uploads/2024/07/1-206-jpg.webp)
ජනප්‍රිය නළු විජේ දේවරකොන්ඩා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඔහු සිය චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි ආරංචිමාර්ග පවසන්නේ.
Entertainment
රසිකයෙකු අවසන් ගමන් යැවීමේ සිද්ධියකට සැකපිට සුපිරි නළුවා අත්අඩංගුවට
![](https://www.newscenter.lk/wp-content/uploads/2024/06/1-635-jpg.webp)
දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ කන්නඩ සිනමාවේ සුපිරි තරුවක් වන Darshan Thoogudeepa අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මෙම රංගන ශිල්පියාගේ රසිකයෙකු වූ රේණුකස්වාමි නම් අයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාලවයි.
එහිදී මෙම පුද්ගලයාව ලෙස ඝාතනය කර තිබූ අතර, සිරුර කාණුවකින් සොයාගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.
මියගිය පුද්ගලයාට මියයනතුරුම පහර දී ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇති බවයි එරට මාධ්‍ය පවසන්නේ.
මෙම සිදුවීමට අදාලව මේවන විට ඉන්දීය පොලිසියෙන් 17 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම රංගන ශිල්පියාගේ පෙම්වතියද ඒ අතර වෙන බවයි වාර්තා වෙන්නේ.
-
Hot News6 days ago
රාජ්‍ය සේවකයින්ගේ වැටුප යළිත් වැඩි කිරිමේ යෝජනාවක් ?
-
Hot News7 days ago
Watch : මුළු රටම ආදරය කරන ජනප්‍රිය ගායකයෙකු ගමන් ගත් මෝටර් රථය අනතුරක
-
Hot News4 days ago
පොලී රහිත ණය ලබාදීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ
-
Hot News5 days ago
මහනුවර කතරගම දේවාලයේ මහ කපු මහතා ගේ ගෙදර ගිනිගනී
-
Hot News5 days ago
Watch : වසන්ත එළොව යැවීමට සහය දුන් 21 හැවිරිදි හෂිනි සංජුලා සියල්ල පාපොච්චාරණය කරයි
-
Hot News6 days ago
Watch : ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික්ගේ තත්ත්වය ගැන රටම නොදන්න ඇත්තම කතාව මෙන්න
-
Hot News5 days ago
Watch : බරපතල වැඩ සහිතව වසර 3ක සිර දඬුවම් නියම වූ හිරුණිකාට ඇප
-
Hot News4 days ago
හිටපු ඇමති විජිත් විජිතමුණි හදිසියේම රෝහල්ගත කරයි