Sports
ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් යුපුන් අද තරග බිමට
![](https://www.newscenter.lk/wp-content/uploads/2024/05/1-501-jpg.webp)
ඔලිම්පික් වරම් අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් අද (18) යළි ජාත්‍යන්තර තරඟ බිමට එක්වනවා.
ඉතාලියේ පැවැත්වෙන රෝම් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් හි මීටර 100 පිරිමි ඉසව්ව සඳහා එක්වන යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.25 ට තරඟ වැදීමට නියමිතයි.
මේ අතර ජපානයේ පැවැත්වෙන සීකෝ ගෝල්ඩන් ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර 400 පිරිමි ඉසව්ව සඳහා කාලිංග කුමාර, හෙට ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.47ට තරඟ වදිනු ඇති.
Sports
ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට
![](https://www.newscenter.lk/wp-content/uploads/2024/07/1-678-jpg.webp)
කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (26) සමත් වුණා.
ඒ පාකිස්තාන කාන්තා කණ්ඩායම කඩුළු 3කින් පරාජයට පත් කරමින්.
Sports
ශ්‍රී ලංකාවට ලකුණු 141 ක ඉලක්කයක්
![](https://www.newscenter.lk/wp-content/uploads/2024/07/1-677-jpg.webp)
2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර අවසන් පූර්ව තරගය මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්ථාන කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 140 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උදේශිකා ප්‍රබෝධනී සහ කවීෂා දිල්හාරි කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හිමිවී ඇති ඉලක්කය ලකුණු 141 ක්.
Sports
බිනුර ප්‍රනාන්දුට විස්සයි විස්ස තරගාවලිය අහිමි වෙයි
![](https://www.newscenter.lk/wp-content/uploads/2024/07/1-675-jpg.webp)
ශ්‍රී ලංකා වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දුට ඉන්දියාව සමග හෙට (27) ආරම්භවන T20 තරගාවලිය අහිමි වී තිබෙනවා.
ඒ ඔහුට වෛරස් උණ රෝගය වැළඳී රෝහල්ගත කිරීම හේතුවෙන්.
එම හේතුවෙන් රමේෂ් මෙන්ඩිස් ඔහු වෙනුවට ශ්‍රී ලංකා T20 සංචිතයට කැඳවා තිබෙනවා.
-
Hot News6 days ago
රාජ්‍ය සේවකයින්ගේ වැටුප යළිත් වැඩි කිරිමේ යෝජනාවක් ?
-
Hot News6 days ago
Watch : මුළු රටම ආදරය කරන ජනප්‍රිය ගායකයෙකු ගමන් ගත් මෝටර් රථය අනතුරක
-
Hot News4 days ago
පොලී රහිත ණය ලබාදීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ
-
Hot News5 days ago
මහනුවර කතරගම දේවාලයේ මහ කපු මහතා ගේ ගෙදර ගිනිගනී
-
Hot News5 days ago
Watch : වසන්ත එළොව යැවීමට සහය දුන් 21 හැවිරිදි හෂිනි සංජුලා සියල්ල පාපොච්චාරණය කරයි
-
Hot News6 days ago
Watch : ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික්ගේ තත්ත්වය ගැන රටම නොදන්න ඇත්තම කතාව මෙන්න
-
Hot News5 days ago
Watch : බරපතල වැඩ සහිතව වසර 3ක සිර දඬුවම් නියම වූ හිරුණිකාට ඇප
-
Hot News4 days ago
හිටපු ඇමති විජිත් විජිතමුණි හදිසියේම රෝහල්ගත කරයි