World
කේට් කුමරිය රාජකීය කටයුතුවලට සමුදෙයි
![](https://www.newscenter.lk/wp-content/uploads/2024/06/1-232-jpg.webp)
පිළිකා රෝගයට ගොදුරු වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය රජ පවුලේ කේට් කුමරිය රාජකීය කටයුතුවලට නැවත් කිසි දිනක සහභාගී නොවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
42 හැවිරිදි බ්‍රිතාන්‍යයේ මීළගට කිරුළ හිමි විලියම් කුමරියගේ බිරිඳ වන කේට් කුමරියට පිළිකා රෝගය වැළඳී ඇති බව පසුගිය මාර්තු මාසයේ දී අනාවරණය වී තිබුණා.
ඉන් පසු ඇය සියලුම මහජන උත්සවවලින් ද ඉවත් වී සිටි බවයි විදෙස් මාධ්‍යයේ වැඩිදුරටත් දැක්වෙනේ.
මේ වන විට ඇයගේ පිළිකා රෝගයට කිමෝ තෙරපි ප්‍රතිකාර කරන බවත්, රෝගයේ මුල් අදියරේ පවතින බවත් වාර්තා වෙනවා.
World
කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කළ ලෝක නායකයන්ගේ මෝස්තර දැක්ම
![](https://www.newscenter.lk/wp-content/uploads/2024/07/1-639-jpg.webp)
එක්ස් සමාජ මාධ්‍යජාලයේ හිමිකරු ඉලෝන් මස්ක් කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් නිර්මාණය කළ ලෝක නායකයන්ගේ මෝස්තර නිරූපණ දැක්ම ඇතුළත් වීඩියෝ පටයක් නිකුත්ව තිබෙනවා.
හාස්‍ය දනවන සුලු ආකාරයෙන් නිර්මාණය කර ඇති එම විලාසිතා දැක්ම ව්ලැදිමිර් පුටින්, ජෝ බයිඩ්න්, ඩොනල්ඩ් ට්‍රම්ප්, නරේන්ද්‍ර මෝදි, හිලර් ක්ලින්ටන්, කිම් ජොං උන් ඇතුළු ලෝක නායකයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ රුවට සමානව නිර්මාණය කර තිබෙනවා.
ඊයේ වන විට මිලියන 130කට වැඩි එක්ස් සමාජ මාධ්‍ය පරිශීලකයන් පිරිසක් එය නරඹා ඇතැයි වාර්තා වනවා.
එම මෝස්තර දැක්මට ඉලෝන් මස්ක් තම රූපය නිර්මාණය කර තිබුණා.
World
නේපාලයේ බිහිසුණු ගුවන් අනතුරක් – 18 දෙනෙක් ජීවිතක්ෂයට
![](https://www.newscenter.lk/wp-content/uploads/2024/07/1-604-jpg.webp)
නේපාලයේ කත්මණ්ඩු අගනුවර අද (23) උදෑසන සිදුවූ ගුවන්යානා අනතුරෙන් 18 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අනතුරට ලක්වන විට එම යානයේ කාර්ය මණ්ඩලයේ 2ක් ඇතුළුව 19 දෙනෙක් ගමන්කරමින් සිටි බව සඳහන් ය.
අනෙක් 17 දෙනා වෙනත් ගුවන්යානයක් අලුත්වැඩියා කිරීම සඳහා පොකාරා ගුවන්තොටුපොළ වෙත යමින් සිටි සෞර්යා ගුවන්සේවයේ සේවක පිරිසකි.
සහන සේවකයින් පවසන්නේ එම යානයේ සිටි පිරිසෙන් 18 දෙනෙක් මියගොස් ඇති බවත් ගුවන් නියමුවා පමණක් බේරාගෙන ඇති බව සඳහන්.
World
බංග්ලාදේශ සිසු විරෝධතාවලින් 105ක් මියයයි – රට පුරා ඇඳිරි නීතියත් පනවයි
![](https://www.newscenter.lk/wp-content/uploads/2024/07/1-495-jpg.webp)
බංග්ලාදේශයේ ක්‍රියාත්මක සිසු විරෝධතා අතරතුර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 105ක් දක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රට පුරා පැතිර ගිය නොසන්සුන්තාව හේතුවෙන් ඇඳිරි නීතිය පනවා ඇති බවයි.
ආරක්ෂාව සඳහා හමුදා නිලධාරීන් ද කැඳවා තිබේ.
විරෝධතා හමුවේ එරට පොලීසිය විසින් ඩකා අගනුවර මහජන රැස්වීම් පැවැත්වීම තහනම් කර තිබුණි.
විරෝධතා ආරම්භ වුණේ, රජයේ රැකියා දීමේ විශේෂ කෝටා ක්‍රමයක් අහෝසි කිරීමට ගෙන තිබූ තීරණය යළි සක්‍රීය කරන්නැයි අධිකරණය ලබාදුන් නියෝගයක් හේතුවෙන්ය.
-
Hot News6 days ago
රාජ්‍ය සේවකයින්ගේ වැටුප යළිත් වැඩි කිරිමේ යෝජනාවක් ?
-
Hot News6 days ago
Watch : මුළු රටම ආදරය කරන ජනප්‍රිය ගායකයෙකු ගමන් ගත් මෝටර් රථය අනතුරක
-
Hot News4 days ago
පොලී රහිත ණය ලබාදීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ
-
Hot News5 days ago
මහනුවර කතරගම දේවාලයේ මහ කපු මහතා ගේ ගෙදර ගිනිගනී
-
Hot News5 days ago
Watch : වසන්ත එළොව යැවීමට සහය දුන් 21 හැවිරිදි හෂිනි සංජුලා සියල්ල පාපොච්චාරණය කරයි
-
Hot News6 days ago
Watch : ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික්ගේ තත්ත්වය ගැන රටම නොදන්න ඇත්තම කතාව මෙන්න
-
Hot News5 days ago
Watch : බරපතල වැඩ සහිතව වසර 3ක සිර දඬුවම් නියම වූ හිරුණිකාට ඇප
-
Hot News4 days ago
හිටපු ඇමති විජිත් විජිතමුණි හදිසියේම රෝහල්ගත කරයි