Politics
ජනපතිට ඉන්දියාවේදී උණුසුම් පිළිගැනීමක්
![](https://www.newscenter.lk/wp-content/uploads/2024/06/1-278-jpg.webp)
අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලින් අද (09) පෙරවරුවේ ඉන්දියාවට ළගා වුණා.
ඉන්දීය විදේශ අමාත්‍යාංශය වෙනුවෙන් එහි අතිරේක ලේකම් පී.කුමරන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය සාගර කලාප අතිරේක ලේකම් පූනීත් අග්‍රවාල්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ෂෙනුකා සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් විසින් ගුවන්තොටුපොළේදී ජනාධිපතිවරයාව මහත් හරසරින් පිළිගත් අතර ඉන්දීය සංස්කෘතිකාංග පිළිබිඹු වන ආකාරයේ නර්තනාංගයක් ද පැවැත්වුණා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීම ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය ඉදිරියේ නවදිල්ලි රාෂ්ට්‍රපති භවන්හිදී අද (09) පස්වරුවේ පැවැත්වේ.
Politics
මහින්ද ළඟ හිටපු හෙට්ටිගේ සජිත්ගේ අතේ එල්ලෙයි
![](https://www.newscenter.lk/wp-content/uploads/2024/07/1-674-jpg.webp)
පොහොට්ටුවේ නායක මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරද්දී ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කරන ලද කුමාරසිරි හෙට්ටිගේ මහතා සජබ නායක සජිත් ප්‍රේමදාස සමඟ එක්ව තිබෙනවා.
සජිත් ප්‍රේමදාස මහතා විසින් කුමාරසිරි හෙට්ටිගේ මහතාව මාතර දිස්ත්‍රික් සජබ සංවිධායක ධුරයට පත්කර ඇති බව වාර්තා වෙනවා.
කුමාරසිරි හෙට්ටිගේ මහතා දශක කිහිපයක් තිස්සේම මහින්ද රාජපක්ෂ මහතාට අතිශය සමීපව දේශපාලන කටයුතුවල යෙදුනු අතර ඊට පෙර ඔහු මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කළ අයෙක්.
Politics
Watch : සැප රියෙන් ත්‍රීරෝද රථයට බැස්ස මෛත්‍රී
![](https://www.newscenter.lk/wp-content/uploads/2024/07/1-672-jpg.webp)
නිදහස් පක්ෂයේ ආසන සංවිධායක වරුන්ගේ හමුවක් අද අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්‍යාලයේ පවත්වා තිබෙනවා.
මේ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද රථයකින් එම ස්ථානයට පැමිණීම විශේෂත්වයක්.
මේ පිලිබඳ මාධ්‍යවේදීන් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විමසූ විට එතුමා පැවසූවේ මැතිවරණ නීති ක්‍රියාත්මක වී තිබෙන නිසා එම නීතිවලට ගරු කරමින් රජයේ වාහන භාවිතා නොකොට ත්‍රීරෝද රථයකින් පැමිනි බවයි.
මේ හමුව සදහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ශ මහතාද සහභාගීවී සිටියා.
Politics
සියලුදෙනා එක්ව මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමු – ජනපති
![](https://www.newscenter.lk/wp-content/uploads/2024/07/1-670-jpg.webp)
මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂ වෙත ආරාධනා කළේය.
අපනයන කේන්ද්‍රීය ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් රට තුළ ගොඩනැඟිමට අවශ්‍ය පරිපාලන සහ ආයතනික ව්‍යුහය මෙම පනත් කෙටුම්පත තුළ අන්තර්ගත බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, අධ්‍යාපන හා තාක්ෂණ අමාත්‍යාංශ එකාබද්ධව ක්‍රියාත්මක කරන “ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030” වැඩසටහන යටතේ පාසල් සහ පිරිවෙන් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීම වෙනුවෙන් රඹුක්කන පරාක්‍රම මහා විද්‍යාලයේදී අද (26) පැවති උත්සවයට එක්වෙමිනි.
ඩිජිටල්කරණය රට තුළ ව්‍යාප්ත කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට අනුව තාක්ෂණ අමාත්‍යාංශය විසින් “ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030” ක්‍රියාත්මක කර තිබෙන අතර, යටිතල පහසුකම්, සම්බන්ධතාවය සහ ප්‍රවේශය, නිපුණතා, සාක්ෂරතාවය, කර්මාන්ත සහ රැකියා, සයිබර් ආරක්ෂාව, ආරක්ෂාව සහ පෞදගලිකත්වය, ඩිජිටල් මූල්‍ය සේවා, සම්බන්ධිත ඩිජිටල් රජය, කර්මාන්ත අංශ සහ ඩිජිටල්කරණය යන මූලික කුලුණු 06ක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.
මෙම කුලුණු යටතේ ඩිජිටල්කරණය බිම් මට්ටමට ගෙනයෑමේ මූලික අදියර කෑගලු දිස්ත්‍රික්කයේ ආරම්භ කෙරුණු අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ පිරිවෙන් 42කට හා පාසල් 62කට සුහුරු පන්ති කාමර උපකරණ කට්ටල බෙදාදීම ද මෙහිදී සිදු කෙරිණි.
රඹුක්කන පරාක්‍රම විද්‍යාලයට ජනාධිපතිවරයෙක් පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක් වන අතර මෙහිදී සිසු දරුවන් විසින් මහත් හරසරින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව පිළිගනු ලැබිණි.
මේ අතර ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මිලියනයකට අධික සංඛ්‍යාවක් සවිබල ගැන්වීමේ දීපව්‍යාප්ත වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කය තුළ QR කේත ක්‍රමය හඳුන්වා දීම වෙනුවෙන් පින්නවල සත්වොද්‍යාන පරිශ්‍රයේ අද (26)පැවති උත්සවයට ද ජනාධිපතිවරයා එක් විය.
සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන පින්නවල කිතුල්ගල සංචාරක තීරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව ව්‍යාපෘති 07ක් සංවර්ධනය කිරීමට නියමිතය. ඒ යටතේ හිරිවඩුන්න පාලම අසල සිට පින්නවල අලි අනාතාගාරය දක්වා මං තීරුව සංවර්ධනය කිරීම, පින්නවල අලි අනාථාගාරය හා පින්නවල සත්වෝද්‍යානය අවට වීථි පහන් සවිකිරීම, පින්නවල ඉපැරණිගම සංචාරක ආකර්ෂණ ස්ථානයක් ලෙසට වැඩි දියුණු කිරීම, දැලිවල කොටවෙහෙර විහාරස්ථානය සංචාරක ආකර්ෂණ ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, පින්නවල අලි අනාථාගාරය අසල රථ වාහන නැවතුම්පොළ සහ යෝජිත කඩ සාප්පු සංකීර්ණය සංවර්ධන කිරීම, පින්නවල සත්වෝද්‍යාන රථගාල හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සහ පින්නවල අලි අනාථාගාරය ඉදිරිපිට මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම ද මෙහිදී සිදුකෙරිණි.
පින්නවල සත්වෝද්‍යාන පරිශ්‍රයේ පැවති DIGIECON ප්‍රදර්ශන කුටි නැරඹීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී එක් වූ අතර QR කේතය මඟින් ගෙවීම් නිල වශයෙන් ආරම්භ කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.
පින්නවල වාගොල්ල කෘෂි පුහුණු මධ්‍යස්ථානය ඉදිකර තිබෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ගොඩනැඟිලි පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට ද අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්විය.
ව්‍යවසායකයින් ට SLS සහතික පිරිනැමීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
-
Hot News6 days ago
රාජ්‍ය සේවකයින්ගේ වැටුප යළිත් වැඩි කිරිමේ යෝජනාවක් ?
-
Hot News7 days ago
Watch : මුළු රටම ආදරය කරන ජනප්‍රිය ගායකයෙකු ගමන් ගත් මෝටර් රථය අනතුරක
-
Hot News4 days ago
පොලී රහිත ණය ලබාදීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ
-
Hot News5 days ago
මහනුවර කතරගම දේවාලයේ මහ කපු මහතා ගේ ගෙදර ගිනිගනී
-
Hot News5 days ago
Watch : වසන්ත එළොව යැවීමට සහය දුන් 21 හැවිරිදි හෂිනි සංජුලා සියල්ල පාපොච්චාරණය කරයි
-
Hot News6 days ago
Watch : ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික්ගේ තත්ත්වය ගැන රටම නොදන්න ඇත්තම කතාව මෙන්න
-
Hot News5 days ago
Watch : බරපතල වැඩ සහිතව වසර 3ක සිර දඬුවම් නියම වූ හිරුණිකාට ඇප
-
Hot News4 days ago
හිටපු ඇමති විජිත් විජිතමුණි හදිසියේම රෝහල්ගත කරයි