
1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලය අද (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.
මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද ඇතුළු මැතිඇමතිවරුන් පිරිසක් එක්ව සිටියේය.
නව කාර්යාලය කොළඹ 07, හෝටන් පෙදෙසේ පිහිටි ස්ථානයේදී විවෘත කිරීම සිදු කෙරිණි.