
ටොන් 25,000ක පොහොර රැගත් නැවක් හෙට (05) දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
ඔහු පැවසුවේ, දැනට පවතින ගෝලීය තත්ත්වයන් හමුවේ මතුව ඇති පොහොර ගැටලුව රජය විසින් සාර්ථකව කළමනාකරණය කරමින් සිටින බවයි.
යල කන්නය ආරම්භ වන මෙම සමයේ ගොවි ජනතාව අතර පොහොර සම්බන්ධයෙන් කිසියම් ගැටලු මතුව තිබුණද, රට තුළ මඩ පොහොර සහ බණ්ඩි පොහොර අවශ්‍යතාවයට වඩා ප්‍රමාණවත් ලෙස පවතින බව ද ඔහු සඳහන් කළා.
යුරියා පොහොර සම්බන්ධයෙන් සීමිත ගැටලුවක් පවතින නමුත්, දැනටමත් ටොන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් රට තුළ ගබඩා කර ඇති බවත්, වී වගාව සඳහා අවශ්‍ය වන ටොන් 80,000කට සමාන වශයෙන් එය ප්‍රමාණවත් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළා.
කෙසේ වෙතත්, අතුරු බෝග හා අතිරේක වගාවන් සඳහා තවදුරටත් පොහොර අවශ්‍යතාවයක් ඇති විය හැකි බැවින්, එය සපුරාලීම සඳහා මෙම ටොන් 25,000ක පොහොර නැව හෙට (05) දිවයිනට පැමිණීමට සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.