ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් 2026 වසරේ පැවැත්වීමට නියමිත ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා මේ වන විට සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ICC නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ මෙම කණ්ඩායම්, සත්කාරකත්වය, 2024 T20 ලෝක කුසලානයේ දස්කම්, ICC කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් සහ කලාපීය සුදුසුකම් ලැබීමේ තරඟාවලි යන පදනම් ඔස්සේ තෝරාගෙන ඇති බවයි.
ඒ අනුව, සත්කාරක කණ්ඩායම් ලෙස, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සුදුසුකම් ලබනවා.
ඇෆ්ගනිස්ථානය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, අමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් 2024 T20 ලෝක කුසලානය හරහා (Via T20 WC 2024) සුදුසුකම් හිමිකරගෙන තිබෙනවා.
තවද, CC T20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හරහා (Via ICC T20I Team Rankings) අයර්ලන්තය, නවසීලන්තය සහ පාකිස්ථානය යන කණ්ඩායම් සුදුසුකම් ලබා ඇති අතර, කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලි හරහා (Via Regional Qualifiers) කැනඩාව, ඉතාලිය, නෙදර්ලන්තය, නේපාලය, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නැමීබියාව, සිම්බාබ්වේ යන කණ්ඩායම් සුදුසුකම් හිමිකරගත්තා.
ඒ අනුව, එළඹෙන 2026 T20 ලෝක කුසලානයේ මූලික තරඟ සඳහා කණ්ඩායම් 20ක් තරග වැදීම සඳහා සුදුසුකම් හිමිකරගෙන තිබෙනවා.