2025 කාන්තා එක්දින ලෝක කුසලානයේ ඊයේ (17) පැවති ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.
ඒ කඩුළු 10කින් ශ්‍රී ලංකාව පරාජය කරමින්.
කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි අතර, එහිදී ශ්‍රී ලංකා පිළ පන්දුවාර 12 ක් අවසානයේ කඩුලු 02 ක් දැවී ලකුණු 46 ක් රැස් කරගෙන සිටි අවස්ථාවේදී පිටියට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නවත්වනු ලැබුවා.
අනතුරුව තරගය නැවතත් ආරම්භ කෙරුණේ දෙපිලටම තරගය පන්දුවාර 20 බැගින් සීමා කරමින්.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 105ක් රැස් කිරීමට සමත් වුණා.
අනතුරුව ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 121ක පිළිතුරු ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 14.5ක් අවසානයේ කඩුළු කිසිවක් නොදැවී ලකුණු 125ක් ලබා ගනිමින් මෙම තරගයේ ජය වාර්තා කිරීමට සමත් වුණා.