ශ්රී ලංකාව, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය සහභාගීත්වයෙන් පත්වීමට නියමිතව තිබෙන තුන්කොන් ක්රිකට් තරගාවලියෙන් ඇෆ්ගනිස්ථානය ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
පාකිස්ථාන ගුවන් ප්රහාරවලින් ඇෆ්ගනිස්ථාන දේශීය ක්රිකට් ක්රීඩකන් තිදෙනෙක් මියයාමත් සමඟ ඇෆ්ගනිස්ථාන ක්රිකට් පාලක මණ්ඩලය මෙම දැඩි තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පක්ටිකා පළාතේ ප්රධාන නරගය වන ෂරානා හි පැවති ක්රිකට් තරගයකින් පසු නිවසට යමින් සිටි දේශීය ක්රිකට් ක්රීඩකයින් තිදෙනෙකු පාකිස්ථාන ගුවන් ප්රහාරයකින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඇෆ්ගන් ක්රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.
මෙම ඛේදජනක සිදුවීමත් සමඟ පාකිස්ථානයට විරෝධය පළ කිරීමක් ලෙස නොවැම්බර් අගදී පාකිස්ථාන සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි විස්ස තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ගනිස්ථාන තීරණය කර තිබෙනවා.
ශ්රී ලංකාව, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර තුන්කොන් තරගාවලිය එළඹෙන නොවැම්බර් 17 සිට 29 දක්වා පැවැත්වීමටයි කටයුතු සැලසුම්කර තිබුණේ.
කෙසේ වෙතත් පාකිස්ථාන ක්රිකට් පාලක මණ්ඩලය තවමත් මේ සම්බන්ධයෙන් ප්රකාශයක් සිදුකර නැහැ.