
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය හෙටට (24) යෙදී ඇති බව විභාග දෙපාර්තමේන්තුව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ අනුව, හෙට මධ්‍යම රාත්‍රී 12.00 න් පසුව මාර්ගගත (Online) පද්ධතිය හරහා අයදුම්පත් යොමු කිරීමේ හැකියාව අත්හිටුවනු ලබන අතර, ඉන් පසුව කිසිදු අයදුම්පතක් භාර නොගන්නා බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් යම් ගැටලුවක් හෝ විමසීමක් පවතින්නේ නම් පහත සඳහන් දුරකථන අංක හෝ විද්‍යුත් තැපෑල හරහා විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
දුරකථන අංක: 011 2785922 / 011 2784208 / 011 2784537
ෆැක්ස් අංකය: 011 2784422
විද්‍යුත් තැපෑල: gcealexamsl@gmail.com