
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ තරුණයෙකු විවිධ වර්ගයේ විෂ මත්ද්‍රව්‍ය සමග
පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (24) සවස කොච්චිකඩේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්
ලද තොරතුරක් මත මාදම්පිටිය පාර ප්‍රදේශයේදී වැටලීමක් සිදු කර තිබෙනවා.
එහිදි අයිස් මත්ද්‍රව්‍ය, හෑෂ් මත්ද්‍රව්‍ය, මත් පෙති හා ස්ටෑග් සමඟ සැකකරුවෙකු
අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 588 යි මිලිග්‍රෑම් 570 ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 595 යි
මිලිග්‍රෑම් 430 ක්, මත්පෙති 234 ක් හා ස්ටෑම්ප් 286 ක් සැකකරු සන්තකයේ
තිබි පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
සැකකරු අවුරුදු 25 ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු සමග මත්ද්‍රව්‍ය මාදම්පිටිය පොලිසිය වෙත බ් හාර දී ඇති අතර වැඩිදුර
විමර්ශන සිදු කරනු ලබනවා.