
පෑලියගොඩ දුටුගැමුණු මාවතේදී දෙපාර්ෂවයක් අතර ඇතිවු බහින් බස්
වීමක් දුර දිග ගොස් එක් පුද්ගලයෙකු ඝාතනය කොට තිබෙනවා.
ඊයේ (24) පෑලියගොඩ දුටුගැමුණු මාවතේදී තියුණු ආයුධයකින් පහරදී
මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට පෑලියගොඩ පොලිස් ස්ථානයට ලද
තොරතුරක් ලැබුණා.
ඒ අනුව පොලිසිය විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා.
ඝාතනයට ලක්ව ඇත්තෙ අවුරුදු 51 ක් වයසැති දිවුලන්කඩවල,විහාරගම,
ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඝාතනයට ලක්වු පුද්ගලයා හා තවත් පිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක්
දුරදිග ගොස් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට
විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පෑලියගොඩ
පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.